― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තීරණාත්මක සටන අදයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තීරණාත්මක සටන අදයි

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය තරග වදින තීරණාත්මක තරගය අද (29) ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

සුපිරි 12 වටය යටතේ පළමු තරගයේ ඔස්‌ට්‍රේලියාව දරුණු පරාජයකට ලක්කර නවසීලන්තය එහි පෙරමුණට පැමිණි අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

ශ්‍රී ලංකාව පළමු තරගයේ දී අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔස්‌ට්‍රේලියාව හමුවේ දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට උරුමකම් කීය.

ඒ අනුව අද තරගයෙන් ජය ගැනීම තරගාවලියේ ඉදිරියට යෑම සඳහා කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණිය ආබාධ තත්ත්වයන් හේතුවෙන් අඩපණ වී ඇති අතර ලහිරු කුමාරගේ පන්දු යැවීම ප්‍රශංසනීය මට්ටමක පවතින දඟ පන්දු යවන්නන් ලෙස පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්‌ට්‍රේලියාව හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වීම සම්බන්ධයෙන් අද තරගයේ දී අවධානය යොමු කළ යුතු වේ.

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියද ඉහළ මට්ටමක පවතින අතර වේග පන්දු යවන්නන් වන ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති ගේ දක්ෂතා ඔස්‌ට්‍රේලියාවට එරෙහිව තරගයේ ප්‍රශංසනීය මට්ටමක පැවති අතර දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර් ගේ පන්දු යැවීම හමුවේද කල්පනාකාරීව පිතිහරඹයේ නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වගබලාගත යුතු වනවා