ටයිටෑන් වර්ගයේ ඉතා දුර්ලභ වාලම්පුරියක් රුපියල් කෝටි එකහමාරකට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු කුරුණෑගල රිදීගම ඇට ගහවෙල වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාළු වෙළෙන්දකු බව පොලිසිය සඳහන් කරයි.
රිදීගම ප්‍රදේශයේ පුද්ගලයකු ටයිටෑන් දුර්ලභ වාලම්පුරියක් තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ටයිටෑන් මුහුදු සත්ත්වයා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වඳ වී යන දුර්ලභ ගණයේ සත්ත්වයකු බැවින් ආරක්ෂක සත්ත්වයකු ලෙස නම් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකුට අයත් මේ දුර්ලභ වාලම්පුරිය ඔහුගේ උපදෙස් මත විකිණීමට අවශ්‍ය කටයුතු කළ බවට ප්‍රකාශ කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියකු පැවසීය.
මොහු 31 හැවිරිදි සැකකරු රිදීගම පදිංචිකරුවෙකි.