28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑතෙර සිට මෙතෙර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 12කට රතු වරෙන්තු

එතෙර සිට මෙතෙර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 12කට රතු වරෙන්තු

විදෙස් රටවල සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න පවසයි.

ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කිහිපදෙනෙක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් එම අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.