― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නැහැ

සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නැහැ

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික් ටොන් 7070ක වී සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල ද සහල් තොග පවතින අතර, මියන්මාරයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සහල් මෙට්‍රික්ටොන් 1,000ක් ද ඒ අතර වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලැබුණු මෙට්‍රික් ටොන් 5,000ත් 10,000 ත් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල පවතින බව සඳහන්.

මේ අතර වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අසීමිත ලෙස මිල ඉහළ යාමක් සිදුවුව හොත් එය පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී සංචිත සහල් බවට පත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියා.