26.7 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිය පුතු ගැටුම මැදට ආ මුණුපුරාට ඇසිඩ් වදියි

පිය පුතු ගැටුම මැදට ආ මුණුපුරාට ඇසිඩ් වදියි

පියා විසින් තම පුතාට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකට මැදිව තුවාල ලැබූ 11 හැවිරිදි මුණුපුරෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අද (31) දහවල් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසළදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවා රැගෙන යාමට පියා පැමිණි අවස්ථාවේදී, ඔහුගේ පියා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පුතා සහ මුණුපුරා ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.