23.9 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු හා අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

එළවළු හා අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අද (01) දිනයේදී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩු වී තිබේ.

කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ.

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී ඇති අතර සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් පහත වැටී ඇති බව සඳහන්.