29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉටු කළ හැකියි - රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉටු කළ හැකියි – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අන්තර්ජාල සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්විණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග හෙට (03) පැවැත්වෙන සාකච්ඡාවට සුදානම් වීමක් ලෙස මෙම සාකච්ඡාව පැවති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූල්‍ය කැපවීම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.