26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පාසල් ළමුන් 50ක් රෝහලේ

විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පාසල් ළමුන් 50ක් රෝහලේ

විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා පානදුර රාජකීය ප්‍රාථමික විදුහලේ සිසුන් 50කට අධික පිරිසක් හදිසියේ රෝහල්ගත කර තිබේ.

පාසල අවට නිවාසයක හෝ ස්ථානයක යම් පිළිස්සීමක් සිදුකර තිබෙන අතර එහි තිබී විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පසු මෙම සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී තිබෙන අතර ඉන්පසු ඔවුන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඒ පිළිබඳව අප පානදුර රාජකීය විද්‍යාලයෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ විද්‍යාලයට පිටතදී කිසියම් පුද්ගලයෙක් විසින් ටයර් පිළිස්සීම හේතුවෙන් දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.