ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්රමාද කරන රාජ්ය ආයතන සඳහා ඉදිරියේදී ප්රමාද ගාස්තුවක් අය කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බවයි.
මීට පෙර රාජ්ය ආයතන සඳහා ප්රමාද ගාස්තු අය නොකළ අතර රාජ්ය ආයතන විසින් බිල්පත් ගෙවීම සඳහා ප්රමුඛතාව ලබාදීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී චක්රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.