― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඕමානයෙන් මිලියන 191ක් වටිනා ඖෂධ මෙරටට

ඕමානයෙන් මිලියන 191ක් වටිනා ඖෂධ මෙරටට

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ රුපියල් මිලියන 191ක් වටිනා ඖෂධ ආධාර තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා දී තිබේ.

හෘද රෝග, අධි රුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග, ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ මෙම තොගයට ඇතුළත් වෙයි.

මෙම ඖෂධ තොගය බාරගන්නා අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් ඒ හේතුවෙන් ඖෂධ හිඟයක් මතුවෙමින් පවතින බවත්ය.