― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිළිකා රෝගීන්ට ලැබුණු ඖෂධ තොගයක් වරායේ සිරවෙයි

පිළිකා රෝගීන්ට ලැබුණු ඖෂධ තොගයක් වරායේ සිරවෙයි

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු ඖෂධ තොගයක් මාස තුනකට අධික කාලයක් පුරා කොළඹ වරායේ සිර වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙම ඖෂධ තොගය පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස වරායේ සිරවී ඇති ඖෂධ අතර ඩොලර් 10,000ක වටිනාකමකින් යුත් පිළිකා රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 20ක් පමණ අඩංගු වන බවද වාරතා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් අදාළ ලිපි ලේඛන මේ දක්වා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ඖෂධ තොගය වරායෙන් නිදහස් කිරීමට නොහැකි වී තිබේ.