31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ලත් නවතී

ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ලත් නවතී

ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇති බව ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් පවසති.

මේ හේතුවෙන් භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමග තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සඳහන් කළේ ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඇණහිට ඇති බවයි.

එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව කඩිනමින් එය ආරම්භ කරන බවත් ලේකම්වරයා අවධාරණය කළේය.