― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිත්තර මිල වැඩි කරන්න අවසර නෑ

බිත්තර මිල වැඩි කරන්න අවසර නෑ

බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් දිවයින පුරා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙස දක්වමින් රජය විසින් පසුගියදා ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මේ අතර බිත්තරයක මිල රුපියල් 07 – 10ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළා.

කුකුළු ගොවිපොළ හිමියන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීම සිදු නොකරන බවයි එම සංගමය සඳහන් කර සිටියා.