― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබොරතෙල් මිලේ අඩුවීමක්

බොරතෙල් මිලේ අඩුවීමක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පවසනවා.

චීනයෙන් සිදුකෙරෙන ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ පොළී අනුපාත නැවතවරක් වැඩි වෙතැයි යන අනුමාන මෙලෙස ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල පහළ යාමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වා අඩු වී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් පහත වැටී තිබෙනවා.

මේ අතර දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ලබන සතිය තුළ අඩු කිරීමේ අපේක්ෂාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ සඳහන් කළා.