31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ අඩුවීමක්

බොරතෙල් මිලේ අඩුවීමක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පවසනවා.

චීනයෙන් සිදුකෙරෙන ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ පොළී අනුපාත නැවතවරක් වැඩි වෙතැයි යන අනුමාන මෙලෙස ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල පහළ යාමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වා අඩු වී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් පහත වැටී තිබෙනවා.

මේ අතර දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ලබන සතිය තුළ අඩු කිරීමේ අපේක්ෂාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ සඳහන් කළා.