― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF ණයත් කල් යන ලකුණු

IMF ණයත් කල් යන ලකුණු

දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදීමට අපේක්ෂිත ණය මුදල ලබා ගැනීමට ඇති අවස්ථාව මගහැරෙණු ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමි රට වන චීනය එරට කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික සම්මේලනයට සම්බන්ධ වීම සහ ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැවති අඩු කාල සීමාවත් සමග අපේක්ෂිත කාලයට ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව එම පුවත්පත වැඩිදුරටත් දක්වා තිබේ.

ණය හිමි රටවල් වන ඉන්දියාව සහ ජපානය දැනටමත් ණය ප්‍රතිසන්ධානය සහ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර 2021 අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36කි. ඉන් ඩොලර් බිලියන 7.1කට චීනය හිමිකම් කියයි.