31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ නිලධාරින්ට විශ්‍රාම යද්දි නිල වාහන ගෙදර ගෙනියන්න බෑ

රජයේ නිලධාරින්ට විශ්‍රාම යද්දි නිල වාහන ගෙදර ගෙනියන්න බෑ

රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යන විට භාවිත කළ නිල වාහන ඔවුන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය නතර කරන ලෙස මහා භාණ්ඩාගාරය රාජ්‍ය ආයතනවලට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය බැංකු, සංස්ථා, සභා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යවා ඇත.

විශ්‍රාම යාමේදී නිල වාහනවල අයිතිය රාජ්‍ය නිලධාරීන්ට පැවරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන පිළිබඳ කෝප් කමිටුව කළ විමසීම්වලට අනුව මෙම තීරණය ගෙන ඇත.

වාහන පැවරීම සඳහා රජය සතු ව්‍යවසායන් අනුගමනය කරන සියලුම අභ්‍යන්තර ප්‍රතිපත්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

පවතින විදේශ විනිමය අර්බුදය සහ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.