― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධනුෂ්ක ගැන ලංකාවට ආපු මහේල කිව්ව කතාව

ධනුෂ්ක ගැන ලංකාවට ආපු මහේල කිව්ව කතාව

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වරටය එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

තරගාවලියෙන් පසු ඊයේ (06) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පන්දු යැවීමත්, පිතිකරණය අතින් සහ පන්දු රැකීමේදී සිදුවූ වැරදි හේතුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ තරග තුන ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බවයි මහේල එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සිදුවූ වැරදි නිවැරදිකර ගනිමින් අත්දැකීම් සමඟ ඉදිරියට යෑම ඉතාමත් වැදගත් බව සඳහන් කළ මහේල, පරාජයට පත්වූ තරග හොඳ තරගයක් ලබාදී පරාජයට පත්වූ නැවත සඳහන් කර සිටියා.

මේ අතර ඕස්ට්‍ර්ලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් මහේලගෙන් විමසා සිටියා.

එහිදී මහේල දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.

මම හිතන්නේ කනගාටුවට කාරණයක්. අපි අවසාන තරගය ඉවරවෙලා රාත්‍රියේ තමා අපිට දැනගන්න ලැබුණේ. පහුවදා අපි ඕස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතුයි. ඒත් බලමු ඒ, පරීක්ෂණවලින් මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකන් අපිට කියන්න අමාරුයි මොකද්ද වුණේ කියලා. කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කණගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ (06) සිදුකළ ඇප ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කළා.