28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගී ගාස්තුත් 50%කින් ඉහළට?

අධිවේගී ගාස්තුත් 50%කින් ඉහළට?

ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී අය කරන ගාස්තුව 50%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සියල්ල සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හැර රජයෙන් නිවාස සැලසුම් අනුමත කිරීම සඳහා අය කරන ගාස්තුද, වෙනත් සේවා සැපයීම සඳහා අය කරන ගාස්තු ගණනාවක්ද මෙම මාසය තුළ ඉහළ දැමීමට සැලැසුම් කර ඇති බව පැවසේ.

රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 65% ක සිට 90% ක් දක්වා ඉහළ දැමීම පිණිස මෙම බදු සහ ගාස්තු පැනවෙන බව වාර්තා වේ.