― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිරෝද රථ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව පොලිස් වසමේ කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ ගස් හන්දිය අසළදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (07) පස්වරුවේ පාදෙණිය ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සහ කාන්තාවක්, දැරියන් දෙදෙනෙක් ඇතුළු තවත් කුඩා දරුවෙකු ගල්ගමුව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් මියගිය දරුවා වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බවයි වාර්තා වන්නේ. ගල්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.