― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාංකිකයින් 300 රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී මුදාගැනේ

ලාංකිකයින් 300 රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී මුදාගැනේ

ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම පිරිස රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම්වත්කර ඇති බව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දීමෙන් අනතුරුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.

අනතුරුව අනතුරට පත් ශ්‍රී ලාංකික පිරිස ගමන්ගත් යාත්‍රාව අසලින් යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් ‘හිලියෝස් ලීඩර්’ නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම පිරිස මුදාගෙන තිබෙනවා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ මෙම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවයි.