― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරටේ යුක්තිය ස්ථාපිත කිරීමට උදවු වන්නැයි කාදිනල් හිමි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...

රටේ යුක්තිය ස්ථාපිත කිරීමට උදවු වන්නැයි කාදිනල් හිමි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතිපතිගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කිරීම ජනතාව මුලා කිරීමේ නාටකයක් බවත් ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

ඒ හේතුවෙන් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාකාරී වන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියන් පැවසූහ.

රටේ සිදුවී ඇති සහ දැනටමත් සිදුවෙමින් ඇති දූෂණ වංචාවන්ට එරෙහිව කතාකරන, සාමකාමීව විරෝධතා දක්වන, විරෝධතා පාගමන් සංවිධානය කරන, සමාජ සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී නායකයින්ට සහ ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි.

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ, චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව මේ වනවිට දින 75ක් අසාධාරණ ලෙස රඳවා තබාගෙන සිටීම පිළිගත නොහැකි බවද කාදිනල් හිමියන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙල ජනතාව මුලාකරන නාටකයක් පමණක් බවට හැඟීයන බවත් පෙන්වා දෙයි.

ජනාධිපති කොමිෂන් සභාවේ ඇතැම් වෙළුම් ජනතාවට ලබානොදී සඟවා තබාගැනීමට කටයුතු කිරීම පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කූඨ ප්‍රයත්නයේ තවත් පැතිකඩක් බවද ඉන් සඳහන් කරයි.