ආණ්ඩුව මෙතෙක් සගවාගෙන සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුළත් ගිවිසුම ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් අද (09) පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා IMF ගිවිසුම පෙන්වද්දී වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කලබලයට පත්ව කියා සිටියේ මෙය සංවේදී කරුණක් බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසයි.
ඊට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ වගකීම් සහිත විපක්ෂයක් ලෙස තමන් එය සිදු නොකරන බවයි.