― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රියමාලිට පිත්තල පොලු හැදූ අය සොයා විමර්ශන

ප්‍රියමාලිට පිත්තල පොලු හැදූ අය සොයා විමර්ශන

රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි විසින් රන් පොලු යැයි කියා ව්‍යාපාරිකයන්ව රැවටීමට යොදා ගත් පිත්තල කුටිට් සැකසූ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැබෑ රන් පොලු ලෙස එම පිත්තල කුට්ටි සකස් කර තිබී ඇති බැවින් එම පිත්තල පොලු සකස් කළ පුද්ගලයාගෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. තිළිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් රැසකට ඇය මේ පිත්තල කුටිටි රන් පොලු යැයි පෙන්වමින් එම රන් විකුණා මුදල් දෙන බව කියමින් රවටා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

තිළිණි සිය සැමියා බව සමාජය හමුවේ පෙන්වූ ඇගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරවද රවටමින් රන් යැයි කියා දී තිබුණේ මේ පිත්තල කුටිටි 10කි.එම පිත්තල කුටිටිවලින් 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළිමතලාවේ පිහිටි ඉසුරුගේ නිවෙසේ තිබී සොයා ගෙන ඇත.

තිළිණි විසින් රන් පොලු යැයි කියා මේ පිත්තල කුටිටි ව්‍යාපාරිකයන් රැසකට දී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම ව්‍යාපාරිකයන්ගෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි.