― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධනුෂ්ක ගැන සොයා බැලීම රජයේ වගකීමක් - අලි සබ්රි

ධනුෂ්ක ගැන සොයා බැලීම රජයේ වගකීමක් – අලි සබ්රි

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වරදකරුවකු බවට මෙතෙක් ඔප්පු වී නොමැති නිසා ඔහු නිර්දෝෂීයි කියන පදනමේ සිට අවශ්‍ය නීති සහාය ලබාදෙන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

මේ වනවිට ධනුෂ්කට අවශ්‍ය නීතිඥ සහාය ලබාදී ඇතැයි කී ඇමතිවරයා ධනුෂ්ක ගුණතිලක ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් වන බැවින් ඔහු සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ වගකීමක් බව ද කියා සිටියේය. ඔහු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

යම් අයුරකින් ඔහු වරදකරු වී දඬුවම් පැමිණවීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී තීරණයක් ගන්නා බවයි ඇමැතිවරයා සඳහන් කළේය.

මේවන විට විදෙස් මාධ්‍ය තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ. ස්ත්‍රී දුෂණ චෝදනාව පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.