25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට

ශ්‍රී ලංකාවේ ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සැප්තැම්බර් මාසයේදී සම්මත කරන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති තානාපති Federico Villegas විසින් නිව්යෝර්ක් නුවර පැවති 77 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය.

‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම සහ ප‍්‍රවර්ධනය’ යන මෙම යෝජනාවට පක්ෂව රටවල් 20ක් සහ විපක්ෂව 7ක් ඡන්දය දුන් අතර ඉන්දියාව ඇතුළු රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඩොලර් මිලියන 6ක් වැය කිරීමට සිදුවනු ඇත.