ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු දූත පිරිස අද (10) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.
ඒ ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.