26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි වැඩ බාරගනී

අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි වැඩ බාරගනී

අභිනව අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමියන් අද (11) වැඩ භාරගත්තා.

ඒ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීයි.

මෙතෙක් අටමස්ථානාධිපති දුරයෙහි කටයුතු කළ පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරය සදහා පල්ලේගම හේමරතන නාහිමියන් පත් කෙරුණා.

අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව එම ධුරයට අභිනවයෙන් පත්වූ නාහිමිපාණන් පෙරහරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු වාහල්කඩ දක්වා වැඩම කරවා, අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම විසින් නායක හිමියන්ට පිච්චමල් බදුනක් පිළිගැනීමෙන් අනතුරුව, නායක හිමියන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

රත්නත්‍රයේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, දෙවියන්ගේත් ආශිර්වාදය රටටත් සියලු ජනතාවටත් ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ එම දුරයෙහි වැඩ භාරගනිමින් සඳහන් කළා.