31.1 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ඛේදවාචකයට සම්බන්ධ අයට මෙළොවදීම විපාක ලැබෙනවා

පාස්කු ඛේදවාචකයට සම්බන්ධ අයට මෙළොවදීම විපාක ලැබෙනවා

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සියල්ලන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය පැමිණෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (13) පෙරවරුවේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 12ක් වෙනුවෙන් ගණේමුල්ල, බොල්ලත, පතහවත්තේ පැවති නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන බවට පෞද්ගලිකව පොරොන්දු වූ නමුත් එය ඉටු නොවූ බව එතුමා පැවසුවා.

ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සමරි එකේ තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.

දැන් සිටින්නේ බීරි අලි රැලක් බවත් බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන් පලක් නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.