ලබන වසරේ අයවැයෙන් රාජ්ය සේවකයින්ගේ වැටුප් අඩු වන බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පැවසීය.
මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන 420ක් වෙන් කර තිබූ නමුත් ලබන වසරේ රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 380ක් පමණි.
ඒ අනුව රාජ්ය සේවකයින්ගේ වැටුප් අඩු වන බව මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.