― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ඩීසල්

ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ඩීසල්

ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට චීනය එකඟත්වය පළ කර ඇත.

එම ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් මෙලෙස ගොවිතැන් කටයුතු සඳහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ඉන්ධන තොගය දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත අතර අස්වනු නෙලන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.