24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතරට පැය 24ක ජල කප්පාදුවක්

කළුතරට පැය 24ක ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (16) පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව අනිද්දා පෙරවරු 8.30 සිට පැය 24ක් දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක අතර එලෙස ජල කප්පාදුව සිදුකෙරෙන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ, බෝම්ඹුවල, පිලමිනාවත්ත යන ප්‍රදේශ සඳහායි.