32 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගජමුතු සමඟ තිදෙනෙක් මොණරාගලදී STF අත්අඩංගුවට

ගජමුතු සමඟ තිදෙනෙක් මොණරාගලදී STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14) මොණරාගල පොලිස් වසමේ තුරුලිය ගෙස්ට් හවුස් ස්ථානයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී නීතිවිරෝධි ලෙස ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56, 57 සහ 47 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.