― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුණු ටින් මාළු හදපු සමාගම් 05කට පාරිභෝගික අධිකාරියෙන් නඩු දාලා නෑ

කුණු ටින් මාළු හදපු සමාගම් 05කට පාරිභෝගික අධිකාරියෙන් නඩු දාලා නෑ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදනය කරනු ලැබු සමාගම් 05කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එහෙත් ප්‍රමිතියෙන් තොර එම ටින් මාළු අලෙවි කළ කඩ හිමියන්ට එරෙහිව පමණක් නඩු පවරා තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇතග

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 61 (3) (ආ) වගන්තිය ප්‍රකාරව යම් භාණ්ඩයක් ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පාරිභෝජනය සඳහා නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බව අනාවරණ වූ අවස්ථාවකල අවස්ථාචෝචිතල පරිදිල එම භාණ්ඩ හෝ භාණ්ඩ තොගය තහනමට ගෙන නීතිමය පියවර ගතයුතු බව විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ පරික්ෂා කොට වාර්තා ලබාගැනීම සඳහා වෙළඳ අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා හරහා යොමුකරනු ලැබූ ටින් මාළු සාම්පල් 06න් සාම්පල් 05ක් ප්‍රමිතියෙන් තොර බව වාර්තා අනුව තහවුරු වි ඇති බවය.

එහෙත් එම සාම්පල් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්‍රමවේදයට අනුව වෙළෙඳපොළෙන් ලබාගත් සාම්පල් නොවන බැවින් නඩු පැවරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවට කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.

lankasara