28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් චන්ද්‍රිකා සමඟ රහස් සාකච්ඡාවක?

ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් චන්ද්‍රිකා සමඟ රහස් සාකච්ඡාවක?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමාන නිදහස් පක්ෂ නායකත්වය හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාගවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්ව තිබෙන තිබේ.

පසුගියදා පැවැති මෙම සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවති බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.