― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ටිව්ටර් සටහනක් තබමින් සදහන් කළේ විදේශිය ණය සම්බන්ධයෙන් බාහිර පාර්ශව සමග තවදුරටත් ද්විපාර්ශවික සාකච්ජා පවත්වන බවයි.

එමෙන්ම දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මීට පෙර සිදු කර ඇති නිවේදනයන් තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයට, විශ්‍රාමික අරමුදලට, රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් අංශ සදහා බලපෑමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.