― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිංහරාජයේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමට පියවර

සිංහරාජයේ පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමට පියවර

ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර 8,000 ක වපසරියක භූමියක් මේ යටතේ වනාන්තරකරණයට ලක් කරමින් පවතින අතර ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කරනු ලැබේ.

සිංහරාජ වනාන්තරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙක්ටයාර් 35,000 ක් වපසරියක් සිංහරාජ වනාන්තරයට අයත්වන ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ යටතේ මෙම පෞද්ගලික ඉඩම් වනන්තාරයට ඇතුළත් වූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මැනුම් කටයුතුවලින් අනතුරුව අදියර කිහිපයක් යටතේ එම ඉඩම්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.