32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් වික්ක පොහොට්ටු මන්ත්‍රී මාතලේදී අත්අඩංගුවට

හෙරොයින් වික්ක පොහොට්ටු මන්ත්‍රී මාතලේදී අත්අඩංගුවට

උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයෙක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් මාතලේ කළුදෑවල නරිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ මන්ත්‍රීවරයා සන්තකයේ තිබී හෙරොයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබී හමුවු බවයි.

එමෙන්ම පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොහු නරිකන්ද ප්‍රදේශයේ සැඟව සිටිමින් මෙම හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි.

අදාළ මන්ත්‍රීවරයා මීට පෙරද අවස්ථා කිහිපයකදී සොරකම් සහ වෙනත් සිද්ධීන් සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයෙකි.

තවද ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.