― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල ගාස්තු නැවතත් වැඩි වන ලකුණු

ජල ගාස්තු නැවතත් වැඩි වන ලකුණු

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කරන ලදී.

ජලය ලීටරයක් තවමත් සත 2 පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5ක් දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12 ක් 14 පමණ වන බවත් ය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (17) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා යන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩි වී ඇති බවයි. එම නිසා වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.