― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරූ රැජිනගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ මලිත්ගේ රෙදි ගැලවෙයි

රූ රැජිනගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ මලිත්ගේ රෙදි ගැලවෙයි

මියන්මාරයේදී පසුගියදා පැවති මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයට (mrs grand international 2022) සහභාගී වීමට පෙර එම තරගයේ මෙරට සංවිධායකයා වන මලිත් රණසිංහ තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ රසාංගි චාමිකා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

එමෙන්ම ඔහු සමග ‘ගංජා’ පානය කරන්නටද පැමිණෙන ලෙස මෙම පුද්ගලයා තමන්ට බල කළ බවද ඇය පවසා සිටියාය.

තමන් එම ඉල්ලීමට අකමැති වීම හේතුවෙන් මෙම තරගය නියෝජනය කිරීමට මියන්මාරයට යාමේ සිට එරටට ගොස් ඊට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරගැනීමට අවශ්‍ය වන මුදල් ඔහු ලබා නොදුන් බව ඇය කියා සිටියාය.

මේ හේතුවෙන් අවසන් මහා තරගයේදී මෙරට නියෝජනය කරමින් කිසිදු තරග අවස්ථාවකට සහභාගී වීමට තමන්ට අවස්ථාව නොලැබුණු බවත් ලෝකයේ රටවල් විසි පහක් ඉදිරියේ ශ්‍රී ලාංකේය අභිමානය හෑල්ලුවට ලක්වීම පමණක් සිදු වූ බවත් ඇය පවසා සිටියාය.

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (21) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී රසාංගි චාමිකා මෙලෙස පවසා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේද කීය.

මෙම තරගයට සහභාගී වෙන්න කලින් මලිත් රණසිංහයි මමයි ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ මියන්මාරයට යාමට ගුවන් ටිකට් පත් ලබාදීමත් එම රටේ නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් ලබාදීමත් ගමනාගමන පහසුකම් ලබාදීමත් ඇතුළු සියල්ලම ලබාදීමට එකඟත්වය පල කරල තිබුණා

මේ ගිවිසුම කඩ කරන්න මෙම පුද්ගලයා කටයුතු කර නිසා කිසිදු සහයෝගයක් නොමැතිව වෙනත් රටක මම අසරණ වුණා. තරගයට සහභාගී වීමට පෙර මලිත් රණසිංහ නම් පුද්ගලයා පැවසුවේ හෝටලයක රාත්‍රි සාදයක් සංවිධාන කරන නිසා එයට තනිවම සහභාගී විය යුතුයි කියලයි. නමුත් තනිවම පැමිණීමට නොහැකි බවත් යෙහෙළියක් සමග පැමිණීමට හැකි බවත් ඔහුට දන්වා සිටියා. එවිට ඔහු යෙහෙළියක් සමග පැමිණීමට අවසර නැති බවත් තමන් සමග රාත්‍රි කාලයේ කාලය ගත කිරීමට තනිවම පැමිණෙන ලෙසත් කිව්වා. දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ ඔහු තරගයේ වැඩ කටයුතු සියල්ලම ඉදිරියේදී යාළුවා සමගම බලා ගන්න කියලා කිව්වා. කිසිදු සහයක් ඊට නොදක්වන බවත් ඔහු කිව්වා.” යැයි ඇය වැඩිදුරටත් කීවාය.

මෙම තරගයට සහභාගී වීමට ඇය මියන්මාරයට ගොස් ඇත්තේද ඇයගේ වියදමින් වන අතර හෝටල් ගාස්තුවේ සිට සියලුම වියදම් ඇයට දැරීමට සිදුව ඇත.

මියන්මාරයේදී ඇයට තරග සංවිධායකයන් පවසා ඇත්තේ ඇයට අවසන් මහා තරගයට සහභාගී වීමට නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා මෙම තරගය වෙනුවෙන් කිසිදු මුදලක් තැන්පත් කර නොමැති බැවින් මෙයට සහභාගී වීමට අවස්ථාව ලබාදිය නොහැකි බව දන්වා ඇත.

නමුත් ඇයගේ සැමියාගේ මාර්ගයෙන් කෙසේ හෝ ඊට අවශ්‍ය මුදල් ගෙන්වාගෙන සංවිධායකවරුන්ට ලබාදුන්නද මෙම තරගයේ කිසිදු අවස්ථාවකට සහභාගී වන්නට ඇයට ඉඩ ලැබී නොමැත.

මෙම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතාමත් ඉක්මනින් කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගී වූ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පැවසූහ.

මේවන විට මිස් ටුවරසිම් වර්ල්ඩ් (Miss Tourism World) හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද මලිත් රණසිංහ නැමැති මෙම පුද්ගලයාය.

සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලබන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී මෙම තරගය පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එම අමාත්‍යංශය මේ සඳහා අති විශාල මුදලක් වැය කිරීමට ද සැලැසුම්කර තිබේ.

(srilanka mirror)