25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපහසු ඇඳුමකින් සැරසී ඒමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නැහැ - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

පහසු ඇඳුමකින් සැරසී ඒමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නැහැ – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිම අවස්ථාවක ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවන්රුන් පිරිසක් ඊයේ (21) දිනයේදී නියමිත සාරිය සහ ඔසරියෙන් පරිබාහිරව වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම ඔවුන් එම ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි බවට දන්වමින් ඡායාරූපද සමාජ මාධ්‍යයට එක්කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ගුරුවරුන්ටද අදාළ වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ.