31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබැසිල් ගුවන්තොටුපොළේ VIP සේවාව සඳහා මුදල් ගෙවා නැහැ?

බැසිල් ගුවන්තොටුපොළේ VIP සේවාව සඳහා මුදල් ගෙවා නැහැ?

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපළේ ප්‍රභූ සේවාවන් භාවිත කිරීමේ ගාස්තුව සහ ඔවුන්ට ලබාදෙන ආහාර සඳහා මෙතෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ.

බැසිල් ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයකු නොවන නිසා ඔහුට ගුවන්තොටුපළේ ප්‍රභූ විවේකාගාරය භාවිත කිරීමට අයිතියක් නැත. බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් ගුවන්තොටුපළේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ නමුත් මේ වනතෙක් ඊට අදාළ ගාස්තුව ගෙවා නොමැත.

එමෙන්ම බැසිල්ට ගුවන්තොටුපළේ ගෝල්ඩ් රූට් සේවාව ලබා දී තිබූ බවත් මේ සඳහා එක් අයෙකුට ඩොලර් 200ක් වෙන් කෙරෙන අතර මේ වනතෙක් එම ගාස්තුවද ගෙවා නොමැති බව ගුවන්තොටුපොළ සේවකයෙක් අවධාරණය කළේය.