වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය බව සඳහන් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛයට අනුව අදාළ වයසේදී හැඳුනුම්පතක් ලබා නොගත් සහ එම වයස් සීමාව ඉක්මවා හැඳුනුම්පත් සඳහා අයදුම් කරන පුද්ගලයින්ගෙන් රුපියල් 2500 ක දඩ මුදලක් අය කෙරේ.
දැනට රටේ පවතින නීතියට අනුව ජාතික හැඳුනුම්පතක් ලබා ගත යුත්තේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසුවයි.
සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සෑම වසරකම සියලුම පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කළද පාසල් සිසුන්ගේ අයදුම්පත් සියයට පනහක් නොඑවන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.