― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ලක්ෂ 08ක් ඉවත් කෙරේ

උතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ලක්ෂ 08ක් ඉවත් කෙරේ

රජයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ලක්ෂ 08කට අධික ප්‍රමාණයක් මේ වනවිට ඉවත් කර ඇත.

වර්ග කිලෝමීටර් 206කට අධික බිම් ප්‍රදේශයක මෙලෙස බෝම්බ ඉවත් කර ඇති අතර තවත් වර්ග කිලෝමීටර් 15ක බිම් ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කිරීමට නියමිතය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට බිම් බෝම්බ 870,412 ක් සහ යුද ටැංකි නාශක බිම්බෝම්බ 2,169ක් ඉවත් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අනුව 2021 වනවිට වර්ග කිලෝමීටර් 4.3ක බිම් බෝම්බ ඉවත් කර නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර ඇත.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල තවත් වර්ග කිලෝමීටර් 13.5ක භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කරන බව අමාත්‍යාංශය පෙන්වා දී ඇත.