27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසෞදි අරාබියට ජය සමරන්න විශේෂ නිවාඩුවක්

සෞදි අරාබියට ජය සමරන්න විශේෂ නිවාඩුවක්

අද (23) සෞදි අරාබිය රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (22) පැවති තරගයෙන් සෞදි අරාබි කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා මෙම විශේෂ නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දෝහාහි ලුසේල් ක්‍රීඩාංගනයේදී ප්‍රබල ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම 2-1ක් වශයෙන් පරාජයට පත් කිරීමට සෞදි අරාබි කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ අනුව සෞදි රාජධානිය එම විශේෂ නිවාඩුව එරට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් මෙම නිවාඩුව ලබා දී තිබීම විශේෂත්වයකි.