― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලීසියට අපමණ සේවයක් ඉටුකළ ලිස්ටා දිවියට සමුදෙයි

පොලීසියට අපමණ සේවයක් ඉටුකළ ලිස්ටා දිවියට සමුදෙයි

මත්ද්‍රව්‍ය මෙහෙයුම් තුන්සියයකට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබාදුන් ගාල්ල පොලීසියේ නිළ සුනඛ අංශයේ ‘ලිස්ටා’ නමැති සුනඛයා මියගොස් තිබෙනවා.
ඒ පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවුයේ වකුගඩු ආබාධයක් නිසා සුනඛයාගේ මරණය සිදුව ඇති බවයි.

ලිස්ටා නැමැති නිල සුනකයා 2017 වසරේ නෙදර්ලන්තයේ දී උපත ලබා ඇති අතර පසුව ලංකාවට රැගෙන ඇවිත් මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී 2019 වසරේදී ගාල්ල පොලීසියට අනුයුක්ත කර ඇත.

මෙම පොලිස් නිල සුනඛයා කටුනායක ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ මෙහෙයුම්වලටද සම්බන්ධ කරගෙන ඇත.

සුනඛයා සම්බනධ කරගත් වැටලීම්වලින් වැටලීම් එකසිය හතරක් සාර්ථක වී ඇති අතර දැනට මහාධිකරණයේ නඩු පවතින මෙහෙයුම් රාශියක් ද ඊට අමතරව සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය ඉව කිරීම නිසා ලිස්ටාගේ වකුගඩු ටිකෙන් ටික අක්‍රිය වන්නට පටන් ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශේෂ සේවාවක් ඉටු කළ මෙම නිල සුනඛයා ඊයේ පොලිස් ගෞරව මැද ගාල්ල පොලිස් පරිශ්‍රයේදී භූමිදානය සිදුකරන ලදී.