32 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස්, දූෂණ මඩින්න ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක්

අල්ලස්, දූෂණ මඩින්න ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක්

පාර්ලිමේන්තුවට වග කියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ පිළිබඳව අවධානයට යොමු වී ඇත්තේ පසුගියදා රැස් වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවේදීය.

ඒ අනුව අදාළ කොමිෂන් සභාවට නීති, වෝහාරික විගණන, ගිණුම්කරණ, රාජ්‍ය පරිපාලන ඇතුළු ක්ෂේත්‍රවල වසර 20කට වැඩි පළපුරුද්දක් සහිත පුද්ගලයින් පත් කෙරෙනු ඇති.