― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ එකක්

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ එකක්

ශ්‍රී ලංකාවේ අලෙවි කරන මත්පැන් බෝතල්වල පියනේ ඇලවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත මෙම වංචාව සිදුවන බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන ලදී.

මෙම ස්ටිකර් මුද්‍රණ කටයුතු ඉන්දියාවේ අසාදු ලේඛනගත කර ඇති කුප්‍රකට ඉන්දියානු සමාගමක් වන Madras Security Printers (MSP) වෙත පවරා ඇති බවට බොහෝ දෙනා චෝදනා කරන බැවින් ව්‍යාපෘතිය දියත් කරන විට මතභේදයක් ඇති විය.