― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස සංශෝධනය කරන යෝජනාව පාර්ලිමේන්තුවට

වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස සංශෝධනය කරන යෝජනාව පාර්ලිමේන්තුවට

වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, අනිද්දා (26) දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

එම කැබිනට් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත්ව ඇති නිසා, නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව, සභානායකවරයා අද (24) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදි, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනවාරි 01 දින සිට ජුනි 30 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සහ ජුලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාල සීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සඳහා අනු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

අමාන්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා ඇති නිර්දේශ පහතින්,

(අ) දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම.

(ආ) මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම,

(ඇ) මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඈ) මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඉ) මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම විශ්‍රාම ගැන්වීම.

නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරින් මෙන්ම වෛද්‍ය නිලධාරින් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවට ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර,ඇති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවේ දැක්වෙනවා.

යෝජනා සම්මතය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ඉහත සඳහන් තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව යෝග්‍ය පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්.