28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර රෝහලේ පිළිකා ඒකකයේ ලයිට් කපලා

මහනුවර රෝහලේ පිළිකා ඒකකයේ ලයිට් කපලා

මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා, ලක්ෂ 48ක බිලක් තියනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක නවත්තලා. රේඩියන්ට් ට්‍රීට්මන්ට්, පුච්චන එක කරන්න එපැයි. මට ඊයෙ දොස්තර කෙනක් කතා කරලා කිව්වා. මම කෙහෙළිය ඇමතිතුමාට පෞද්ගලිකවත් කතා කෙරුවා, මේ ලයිට් බිල ගෙවලා රෝගින්ට ප්‍රතිකාර කරන්න අවස්ථාව දෙන්න කියලා.