31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරලා

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරලා

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පැවසූහ.

අදාළ විහාරස්ථානයට මේ දක්වා කාලය තුළ විදුලිය නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබූ නමුත් වත්මන් රජය මගින් හිටි හැටියේ මෙහි විදුලිය කපා දැමීම දැඩි කනස්සල්ලට කාරණයක් බව සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

මෙම මාසය වනවිට විදුලිබල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබෙන අතර මෙරටේ ඇතැම් මැති, ඇමතිවැතිවරු, රුපියල් ලක්ෂ, කෝටි ගණන් ජල, විදුලි, බිල්පත් රජයට ගෙවීමට තිබෙන වකවානුවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ය ආයතනයකට මෙවැනි විදුලි විසන්ධි කිරීම අසාධාරණ බව උන්වහන්සේ පැවසූහ.